Taste of Maths | ගණිත රස | Exploring the Whimsical Side of Mathematics

Exhausted child from tuition classes

වර්ථමාන සමාජයේ ඔබ ළමයෙක්ව තෝරාගෙන ඔහුගෙන් හෝ ඇයගෙන් විමසා බැලුවහොත් බොහෝදුරට ඔහු හෝ ඇය මොනයම් හෝ උපකාරක පංතියකට සම්බන්ධ වී ඇති බව ඔබට දැන්ගන්නට ලැබේවි. අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වැනි කඩයිම් විභාගයකට මුහුණ දීමට සිටින 10, 11, 12, 13 ශ්‍රේණියක දරුවෙකු නම් මෙලෙස පංතියකට සහභාගී වීම සාධාරණීකරණය කළ හැක. 

නමුත් වත්මන් දෙමව්පියන් මෙම උපකාරක පංති වලට තම දරුවා ඇතුළත් කරනුයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිටය. සමහර දරුවන්ට ශිෂ්‍යත්ව සූදානම ආරම්භ වන්නේ 3 ශ්‍රේණියේ පමණ සිටය. එහිදී දරුවන් ඔවුන්ට රජයෙන් නිර්දේශිත පෙළ පොත් වල නොවූ අපබ්‍රන්ස කරුණු ඉගෙනීමට පටන් ගනී. මෙහි ප්‍රතිඵලය ලෙස 5 ශ්‍රේණියේදී හොඳින් Program කළ, එන්ජිමක් ආකාරයේ චින්තනයක් සහිත මොළයක් ඇති දරුවා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී එම ධාවන තරඟයද ජය ගනී. ඉතින් C. W. W. කන්නන්ගර මහතා අද සිටියේ නම් පළමුව දෙමව්පියන්ගේ පළු ඇරිම කළ යුතු නොවේද ?


Taste of Mathematics By Nature Maths Tuitions
කෙසේ වුවද මෙමගින් රටේ ඒකක පෞරුෂයක් වන දරුවාගේ ජීවිතය කෙතරම් යාන්ත්‍රික වේද යන්න තීරණය කරයි. එනයින් රටේ ඉහළ පරිපාලන පුටුවල යාන්ත්‍රිකභාවයද තීරණය විය හැක.

කෙසේ නමුත් මෙලෙස විකෘති වූ අධ්‍යාපන පද්ධතිය සාර්ථකව වෙනස් කිරීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. ක්ෂණික පහරදීම් මගින් මෙවැනි තත්ත්වයක් වෙනස් කිරීම ඉතා අපහසුය. එමෙන්ම ඒවායේ ප්‍රතිඵල අපට සිතාගන්නටවත් නොහැකි විය හැකිය. එබැවින්,

මේ වෑයම අප දරුවන්ගේ ස්වභාවික නිදහස් මනස එන්ජිමක් වීම වැළකීමෙන් ඉදිරි පද්ධතිය ස්වයං වෙනසකට ලක් කිරීමක් සඳහායි...

$$\downarrow$$

Watch The Playlist

full-width